February 10, 2026

දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි පූරණය සඳහා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී ජනතාව විවිධ ගැටලු සඳහා මුහුණ පා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනාවරා කළේය.

ඔහු පෙන්වා දුන්නේ එවැනි ගැටලු විසඳීම සඳහා බලධාරීන් මැදිහත්වී කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27(2) යටතේ ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කර තිබිණි.

ඒ අනුව මන්ත්‍රීවරයා විමසා ඇත්තේ රක්ෂණ සමාගම් විසින් දිත්වා සුළි කුණාටුවට අදාළ හිමිකම් ගෙවීම් තහවුරු කිරීම සඳහා රජය ගෙන ඇති පියවර මොනවාද යන්නයි.

තවමත් ගෙවීම් නොලැබුණු හිමිකම් සංඛ්‍යාව කොපමණ ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

එමෙන්ම ඔහු ඉල්ලා සිටියේ එවැනි හිමිකම් ගෙවීම්වල වටිනාකම ද ඉදිරිපත් කරන ලෙසයි.