February 7, 2026

දිත්වා සුළි කුණාටුවෙන් මෙරටට එල්ල වූ බලපෑම් හමුවේ ආපදා සඳහා මුහුණ පෑ ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටලු පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව ස්ථාවර නියෝග 26(2) යටතේ රජයේ හදිසි ප්‍රකාශයක් ඉල්ලා මන්ත්‍රීවරයා විමසා සිටියේ ගෙවීම් කාණ්ඩ අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය යුතු බවයි.

එමෙන්ම ගොවීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සිදු කළ ගෙවීම් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.

ඔහු පැවසුවේ එම ගෙවීම් සංඛ්‍යාව සහ මුළු වටිනාකම අනුව දිස්ත්‍රික්ක අනුව ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.