February 16, 2026

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ එම පක්ෂ දෙක ඒකාබද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ශක්තියක් බවයි.

එමගින් නිර්මාණය වන්නේ වඩාත් ශක්තිමත් පක්ෂයක් බවත්, එය අනෙක් පාර්ශව සඳහා ද ආදර්ශයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පක්ෂ දෙක ඒකාබද්ධ වී කරන කටයුතු උපක්‍රමශීලී විය යුතු බවත්, පක්ෂ දෙක එක් අරමුණක් වෙනුවෙන් ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.