
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගම 2014 – 2015 කාලයේ දී නාවික හමුදාවට ගෙවීමට තිබූ රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.
රක්නා ලංකා සහ ඇවන්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපෘතිය 2021-2025 කාලයේදී අමෙරිකානු ඩොලර් මිලියන 14.12ක ආදායමක් උපයාගෙන ඇතත් මේ මුදල ගෙවීම පැහැරහැර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුණ ජයසේකර සඳහන් කළේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිර්දේශ මත සමුද්‍රීය ආරක්ෂණ කටයුතු නැවත නාවික හමුදාව වෙත පැවරීමට පියවර ගත් බවයි.
ඒ අනුව 2025 අගෝස්තු මස 10 වැනිදා සිට මෙම මස 10 වැනිදා වනවිට නාවික හමුදාව එම ආරක්ෂක කටයුතුවලින් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූඅටදහස් දෙසිය පනහක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ලබා දී තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රජය විසින් සමුද්‍රීය ආරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ 2009 වසරේදී. ඒ සඳහා වගකීම නාවික හමුදාව වෙත පැවරී තිබුණා. ආරක්ෂාව සැපයීමේ වගකීම වෙනස් වුණේ 2012 ඔක්තෝබර් 15 දිනයි. ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම හා රක්නා ලංකා ආයතනය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියට පවරා තිබෙනවා. නැවත එම වගකීම 2015දී නාවික හමුදාව වෙත පවරා තිබෙනවා. 2012 සැප්තැම්බර් 15 වැනිදා සිට නැවත ඇවන්ගාඩ් වෙත පවරා තිබෙනවා.
පසුගිය වසරේදී අපි බලයට පත්වූ පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සේවාවන් සැපයීමේ වගකීම 2025-08-10 සිට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සැපයීමට අනුමැතිය ලබා දී තිබෙනවා. රක්නා ලංකා හා ඇවන්ගාඩ් මැරිටයිම් අතර මෙම සේවාවන් වෙන වෙනම සිදුකර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් එම ඒකාබද්ධ ව්‍යාපෘතිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යෘපෘතියක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා.
2025-08-10 සිට නැවත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් නාවික හමුදාවට මෙම සේවාවන් සැපයීමේ වගකීම ලබා දී තිබෙනවා. ලැබූ ආදායම් වෙන්වෙන් වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සතුව නැහැ. අදාළ පෞද්ගලික සමාගම විසින් තමයි සියලු ආදායම් ලබා තිබෙන්නේ. ඉන්පසුව 2021 සැප්තැම්බර් සිට 2022 වසර දක්වා ඇති උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14.12ක් නාවික හමුදාවට මෙම සේවය අපි ලබාදුන්නට පසුව 2025 ඔක්තෝබර් 03 වැනිදා සිට පසුගිය පෙබරවාරි 08 දක්වා ස්වාධීනව සිදුකළ මෙහෙයුම් වෙනුවෙන් ඇෙමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූඅටදහස් දෙසිය පනහක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ලබා දී තිබෙනවා. හවුල් සමාගම් ලෙස ඒ ඒ සමාගම් වෙත ලාභ ලබා තිබෙනවා. ඇවන්ගාඩ් මැරිටයිම් හා රක්නා ලංකා සමාගම් සේවාවන් වෙනුවෙන් මුළු ආදායමෙන් සියයට පහළොවයි නාවික හමුදාවට ගෙවා තිබෙන්නේ. ශ්‍රී ලංකා රුපියල් වශයෙන් ගෙවා තිබෙන්නේ. ඉතිරිවන මුදලින් සියයට හතරයි ගණනක් තමයි රක්නා ලංකා සමාගමට ලබා දී තිබෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart