
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුගත් තිලකරත්නගෙන් පසු මිටර 400 ඉසව්වේ මෙරට ක්‍රීඩකයකු වාර්තා කළ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට කාලිංග කුමාරගේ සමත්විය.
101වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය වූ ඊයේ(29) කාලිංග කුමාරගේ 2000 වසරෙන් පසු නව තරගාවලි වාර්තාවක් බිහිකළේ මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.07කින් අවසන් කරමිනි.
2000 වසරේ දී රොහාන් ප්‍රදීප් කුමාර විසින් මිටර 400 ඉසව්ව තත්පර 45.25 කින් නිමකරමින් තරගාවලි වාර්තාව ඔහු සතු කරගෙන තිබිණි.
මීට අමතරව ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ මූලික වටයේ තරගයකදී ජනිඳු ලක්විජය නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට ඊයේ සමත් විය.
තත්පර 13.77 කින් ඔහු එම ඉසව්ව නිමාවට පත්කළ අතර, එයද නව තරගාවලි වාර්තාවක් ද විය.
මෙහි පෙර තරගාවලි වාර්තාවද ජනිදු ලක්විජය විසින් පිහිටුවා තිබුණු අතර, එම දක්ෂතාව වූයේ තත්ත්පර 13.82කි.
තරගාවලිය සුගදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට ආරාධිත කණ්ඩායම් දෙකක් ඉන්දියාව සහ මාලදිවයින නියෝජනය කරමින් සහභාගි වී සිටියි..
එ අනුව, තරගාවලිය ආරම්භ කෙරුණු පසුගිය 28 වනදා පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් ඉන්දියාවේ කිෂෝ කුමාර් පිහිටවූයේ මිටර 84.38ක දක්ෂතාවක් සමගිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart