February 11, 2026

කළුතර පොලිස් විද්‍යාලයේ ඊයේ(10)වන දා පස්වරුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් එක් කොස්තාපල්වරයෙක් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කීය.

පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය සඳහන් කරයි.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.