
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් සහ ගුරු උපදේශකවරයෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු සේවය අතහැර යෑම හේතුවෙන්, ඔහු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කළාපන අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් ඉල්ලා තිබේ.
එහිදී එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් දෙපළ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart