
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බගවන්තලාව කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තක අටවා තිබූ කම්බි මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකුගේ සිරුරක් අද උදෑසන සොයා ගත් බව නල්ලතන්නිය වනජීවී නිලධාරීන් පවසයි.
වතුයායේ සැරිසරමින් වතු කම්කරුවන් විසින් ඇති කරන ලද සුනඛයන් සහ ගවයන් ගොදුරු කර ගනිමින් සිටි කොටියා මද්දට හසු කර ගැනීම සඳහා කිසිවෙකු විසින් චේතනාන්විතව එම මද්ද අටවා ඇති බවට නිලධාරීන් සැක කරයි.
පලා යාමට උත්සහ කිරීමේදී කොටියාගේ බෙල්ල කම්බියේ පැටලී මිය ගොස් ඇති බව වාර්තා වේ.
ස්ථානය පරීක්ෂා කළ බගවන්තලාව පොලිසිය තේ වත්තේ අටවා තිබූ තවත් කම්බි මදු කිහිපයක් සොයාගෙන ඒවා ඉවත් කර ඇත.
කොටියාගේ මළ සිරුර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයට යොමු කිරීමට නියමිතයි.
මද්ද අටවා ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සහාය ඇතිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart