
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන යොදාගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, ඒ සඳහා බස් රථ 10ක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමනු ලැබ තිබේ.
2026-03-15 දින වනවිට එම බස් රථ මෙරටට ලැබීමට නියමිත ය.
එකී බස් රථ ධාවනය සහ නඩත්තුව සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බව පෙනීගොස් තිබේ.
එබැවින්, බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100ක් කොළඹ නාගරික ප්‍රදේශය තුළ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස, 2025-07-21 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ලංකා මෙට්‍රො ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම වෙත අදාළ බස් රථ 10 පවරා, ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart