
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්නගේ වැඩ තහනම සම්බන්ධයෙන් මෙරට බොහෝ තානාපති කාර්යාලද විශේෂ අවධානය යොමුකර ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව,එම සිද්ධීන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයක් පසුගිය දිනවල විශේෂ තොරතුරු සොයා බැලීමක්ද කර ඇත.
මේ අතර චමින්ද කුලරත්න සතුව ඉහත සිද්ධීන්වලට අදාළ සාක්ෂි ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තානාපති කාර්යාල අවධානය යොමුකර ඇතැයි වාර්තාව සඳහන් කරයි.
කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කළේය.
සිද්ධියේ චෝදනා තහවුරු කරගැනීම සඳහා අදාල ලියකියවීලි පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ලබාගැනීමට අල්ලස් කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටින බව පැවැසේ.
මේ අතර කතානායකවරයාට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහලේකම්වරියට ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා ලබාගැනීමට උත්සාහ දරා ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය අල්ලස් කොමිසමට කළ බලපෑමක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටිති.
මේ අතර තමා සේවයෙන් ඉවත් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ අද නඩු පැවරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart