February 10, 2026

පොලිස් නිලධාරියකු ලෙස රඟපා උපකාරක පංතියකට සහභාගි වී ආපසු එමින් සිටි අවුරුදු 14 මාස 1ක් වයසැති දැරියක කළුතර ප්‍රධාන පාලම යටට ගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඉකුත් 08 වැනිදා උපකාරක පංතියකට සහභාගි වීමට ගිය දැරිය එය අවසන්වී මතුගම කොළඹ බස් රථයකින් රාත්‍රී 7.00ට පමණ කළුතරට පැමිණ තිබේ.

ඉන් අනතුරුව නිවසට යෑම සඳහා කළුතර බස් නැවතුම්පොළෙන් කළුතර–පානදුර බස් රථයකට ගොඩවී සිටියදී මුඛ ආවරණයක් පැළඳ සිටි නාඳුනන අයකු ජනේලයට තට්ටු කර තමා පොලිස් නිලධාරියකු බව අඟවා විස්තර ලබා ගැනීමට පිටතට එන ලෙස දැනුම්දී ඇත.

ඒ අනුව පිටතට පැමිණි දැරිය මොහු විසින් කළුතර ප්‍රධාන පාලම යටට කැඳවාගෙන ගොස් දූෂණය කර එතැනම අතහැර දමා ගොස් ඇතැයි පොලිසිය කියයි.

විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය කළුතර ගල්ලස්ස ළමා රෝහලට ඇතුළත් කර තිබේ.