February 8, 2026

උඩවලව ජාතික වනෝද්‍යානය ප්‍රදේශයේදී කංසා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී කංසා කිලෝග්‍රෑම් 582ක් පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බෙගමුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් කටුගොඩ සහ මිද්දෙනිය ප්‍රදේශවල පදිංචි 47 හැවිරිදි සහ 51 හැවිරිදි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද (08) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.