February 7, 2026

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලොකු පැටී සහ මිදිගම රුවන් යන අය සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර සහ උපායික ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ මෙහෙයුම සිදුකළ බව විශේෂ කාර්ය බලකාය පැවසීය.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයන් වන ලොකු පැටී සහ මිදිගම රුවන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියි.