February 7, 2026

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී. ආරියවංශ පත්කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රාජකාරි නිවාඩු ලබාගෙන සිටින සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් කේ.සී ආරියවංශ එම ධුරයේ වැඩබැලීමට පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මධ්‍යම මේ වනවිට අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි. (adaderana.lk)