February 6, 2026

මෝදර ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ 7 වැනි මහලෙන් සිමෙන්ති බදාම කොටසක් කඩාවැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි 7 හැවිරිදි දරුවා මියගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව වාර්තා විය.

දරුවා සිය මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය ආසන්නයේ වෙළෙඳසැලක් අසල සිටියදී, බදාම කොටස් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.