February 5, 2026

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජනමාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රොහාන් ඕලුගල පළමුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පැවැසේ.

එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු රොහාන් ඕලුගල පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහිදී ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.