February 5, 2026

පරිසර හානියක් නොමැති බව තහවුරු වුවහොත් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අවසර දෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ප්‍රකාශ කර තිබේ.

ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමා ඇති බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

අම්බුළුවාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පටබැඳි මෙම අදහස් පළ කළේය.

මේ අතර, සංචාරයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ප්‍රකාශ කළේ ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයට කිසිදු පාරිසරික හානියක් සිදු නොවන බවයි.