
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද(28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හීදී ආරම්භවීමට නියමිතය.
තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකාව, පළමු දිනයේදීම ජැමෙයිකාව සමග තරග වදියි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවේන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතය.
‘සී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග දකුණු අප්‍රිකාව සහ වේල්සය තරග වදියි.
ඒ,බී,සී සහ ඩී ලෙස කාණ්ඩ 04ක් යටතේ ලෝක ශුරතා දැල් පන්දු තරගාවලියේ කණ්ඩායම් 16ක් තරග වදිනු ඇත.
1963න් ඇරඹි දැල් පන්දු ලෝක කුසලානයේ පසුගිය ශූරියන් වන්නේ නවසීලන්තයයි.
එමෙන්ම නෙට්බෝල් ලෝක කුසලාන ඉතිහාසයේ කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පමණක් වීමද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart