February 4, 2026

දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා තිබේ.

ඒ සඳහා වන අයැදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Servic-es” “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ පළ කර ඇති අයදුම්පත් ඉදිරිපත් කර හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි.

මාර්ගගත අයැදුම්පත් භාරගැනීම 2026 පෙබරවාරි මස 20 වන දින පෙ.ව. 09.00 ට විවෘතවන අතර 2026 මාර්තු මස 05 වන දින ප.ව. 09.00 ට අවසන් වන බව සඳහන් වේ.