
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වින්දිතයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන, එසේම තර්ජනයන්ට ලක්ව සිටින නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්නට අධිකරණ අමාත්‍යංශය විසින් වංචනික ලෙස දින වෙනස්කරමින් ලිපියක් ඒවා ඇත.
නීතිඥ අචලා සෙනෙවිරත්න විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අභිචෝදක කාර්යලය පිළිබඳව කරන ලද විමසීමකට පිළිතුරු ලෙස අධිකරණ අමාත්‍යංශය මෙලෙස දින වෙනස්කරන ලද ලිපියක් ඒවා ඇති බව පෙන්වාදෙමින් ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින් දැක්වේ.
*2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ 24(3) අනුව තොරතුරු ඉල්ලීමක් ලැබුණු වහාම එය ලැබුණු බව දැන්වීමේ ලිඛිත නිවේදනයක් තොරතුරු නිලධාරියා විසින් RTI 02 ආකෘතිය යටතේ ඉල්ලුම්කරු වෙත යැවිය යුතුය.
*RTI 03 ආකෘතිය යටතේ අයදුම්පත ලේබනයක ලියාපදිංචි කොට එයට අංකයක් ලබා දිය යුතුය.
* තොරතුරු ඉල්ලීමක් සම්පුර්ණ කිරීමට තීරණය කළ වහාම වැඩ කරන දින 14 ක් තුල තොරතුරු නිලධාරියා RTI 04 යටතේ ඉල්ලුම්කරුට දැන්විය යුතුය
මේ තමා නීතිය.
🫣අධිකරණ අමාත්‍යංශය තොරතුරු නිලධාරියාගෙන් මම අභිචෝදක කාර්යලය ගැන තොරතුරු ඉල්ලලා අයදුම් පතක් යැව්වේ 2025/12/19 වෙනිදා.ඒත් මේ කියන නීතිය ඇතුලේ මට නම් කිසිම පිළිතුරක් තියා හුම් සද්ධයක්වත් තිබුනේ නැහැ.
😛2026/01/21 වෙනිදා නීතිපතිවරයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ආසන්නයේ සාමකාමි විරෝධතාවයක් පැවත්තුවනේ.අන්න ඒ වෙලාවේ මම මගේ කතාවේදි කිව්වා අභිචෝදක කාර්යාලය ගැන අධිකරණ අමාත්‍යංශයෙන් අහලා යවපු RTI එකට එයාලගෙන් කිසිම උත්තරයක් නෑ කියලා.
😂එතින් අධිකරණ අමාත්‍යංශයෙන් 2025/12/19 මම යවපු අයදුම්පත 2025/12/22 ලැබුණු බවත් කියලා 2025/12/29 වෙනිදා ලිපියේ දිනය යොදපු RTI 2 දැන්වීම මට එවලා තිබුනා..මට ලියුම තැපෑලෙන් ලැබුනේ 2026/01/25🫣😛.
🌑මම බැලුවා 2025/12/29 එවපු ලිපිය අධිකරණ අමාත්‍යංශය අල්ලපු වැටේ තියන මගේ ලිපිනයට එන්න මාසයක් ගිය තැපෑලට සම්මානයක් දෙන්න වටිනවා නේ කියලා.
🌑 හැබැයි සාවද්‍ය දුෂිත මනස තිබ්බට එක දෙයක් දැන්වීම එවපු අධිකරණ අමාත්‍යංශයට අමතක වෙලා තියනවා.ඒ තමා එයාලා ලියුම තැපෑලට දාපුවම තැපෑලෙන් ඒකට දින මුද්‍රාවක් ගහනවා කියන එක.ඒක ගහලා තියෙන්නේ 2026/01/22 කියන එක.
🌑 ඉතින් නීතිය රකින්න, නීතිය ප්රතිසංස්කරනය කරන්න ඉන්න උන්දෑලාම මෙහෙම දැන දැන වංගු ගහද්දී අපිට Dileepa Peeris මහත්තයාට කියන්න තියෙන්නේ වංගු තියෙන්නේ අර උන්දැගේ විතරක් නෙමේ නීතිපති දෙපාර්තමේන්තුව අයත් වෙන අධිකරණ අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ඔය හැම එකකම තියෙන්නේ වංගු සහ වින්දිතයින් පෙළීම විතරයි. Ranga disanayaka මහත්තයෝ මේ අය කරන්නෙත් නීතියට පස්සා පෙන්නමින් දුෂණයම තමා නොවේද? ඒකට ඉතින් වෙන නමක් නීති පොතේ තියනවද අපි නම් දන්නේ නැ….

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart