
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා සංඝරත්නයට, සංස්කෘතියට සහ ඉතිහාසයට නිසි පිළිගැනීමක් නොලැබීම පිළිබඳ වර්තමානයේ කණස්සල්ලක් පවතින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති.
ඓතිහාසික මිහින්තලය රජමහා විහාරයේ ඊයේ (31) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
මිහින්තලය රජමහා විහාරයේ හිටපු විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමියන්ගේ 35 වැනි ගුණ අනුස්මරණය සඳහා භික්ෂූන් වහන්සේ සියයක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.
ඊට සමගාමීව, මිහින්තලය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් ද එළිදැක්විණි.
“අපි අද අපේ මූලයන් නැවත සොයා ගැනීමට පැමිණ ඉන්නේ. මෙම උතුම් හා පූජනීය ස්ථානය ඊයේ, අද සහ හෙට අපගේ හදවත්වලට බෙහෙවින් වටිනවා. කොහොම වුණත්, අපගේ මූලයන්, මෙම භූමිය, මහා සංඝයා, ශාසනය, සංස්කෘතිය, කලාව සහ ඉතිහාසය කෙරෙහි ලබා දී ඇති පිළිගැනීම සහ අවධානය පිළිබඳ අප කෙතරම් තෘප්තිමත්ද යන්න අපෙන්ම ඇසිය යුතුයි”
“භික්ෂූන් වහන්සේ නිහඬව සිටියහොත්, අයුක්තියට සහ සංස්කෘතියේ බරපතළ ඛාදනයට එරෙහිව කතා කරන්නේ කවුද? එමනිසා, භික්ෂූන් වහන්සේ තර්ජනවලට බිය නොවිය යුතුයි . දේවදත්ත වැනි චරිත සිටි නිසා බුදුන්ගේ උතුම් ගුණාංග ගැඹුරින් හෙළිදරව් වුණේ ” යනුවෙන් රැස්ව සිටි පිරිස අමතමින් පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart