
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සැක සහිත ක්‍රියාකාරකම්’ හේතුවෙන් කාඩ්පත් අත්හිටුවා ඇති බවට වන ව්‍යාජ SMS පණිවිඩ සහ මාර්ගගත ඇඟවීම් සහිත ක්‍රෙඩිට් කාඩ් වංචා ඉහළ යෑම පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
පැය 24ක් ඇතුළත කාඩ්පත් අවලංගු කරන බවට අනතුරු ඇඟවීමකින් පසු, යොමුකර තිබෙන සබැඳි ක්ලික් කර ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට මෙම වංචාව යටතේ රවටනු ලැබේ.
වංචාකරුවන් පසුව මෙම දත්ත භාවිත කර ගිණුම්වලින් අරමුදල් සොරකම් කිරීම සඳහා OTP ලබා ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ‘මහජන උපදේශනය: මූල්‍ය වංචාව – බැංකු හෝ පොලිස් අනුකරණ වංචාවලට නොරැවටෙන්න’ යන මැයෙන් ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
එහි වංචාකරුවන් භාවිත කරන ප්‍රවේශය මෙලෙස පැහැදිලි කර තිබිණි.
1. කෙටි පණිවුඩ සහ මාර්ගගත පණිවිඩ හරහා බැංකු මගින් යොමුකරන පණිවිඩ ආකාරයේ ව්‍යාජ ඇඟවීම්
‘සැක සහිත ක්‍රියාකාරකමක්’ හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවා ඇති බවට වංචාකරුවන් පණිවිඩ යවන බව වාර්තා වී ඇති අතර, බොහෝ විට විශ්වාසදායක ලෙස පෙනී සිටීමට ප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සඳහන් කරයි. සබැඳියක් ක්ලික් කිරීමෙන් සහ ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළු සංවේදී පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් කාඩ්පත් නැවත සක්‍රිය කිරීමට එමගින් උපදෙස් දෙනු ලැබේ.
මෙම පණිවිඩ සාමාන්‍යයෙන් අනතුරු අඟවන්නේ පැය 24ක් ඇතුළත තොරතුරු ලබා නොදුනහොත් කාඩ්පත ස්ථිරවම අවලංගු කරන බවට වන අතර එමඟින් හදිසි හැඟීමක් ඇති වේ.
ඒ අනුව තැතිගත් පුද්ගලයා සබැඳිය ක්ලික් කර ඔවුන්ගේ විස්තර ඉදිරිපත් කිරීමෙන් වංචාවට හසුවේ.
පසුව, වංචාකරුවන්ට වින්දිතයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රවේශය ලබාගත හැකි අතර, වින්දිතයාගේ දුරකථනයට මුරපදයක් (OTP) යවා, රැවටීම හරහා එම මුරපදය ලබාගෙන, ගිණුමෙන් අරමුදල් සොරකම් කිරීමට ඉදිරියට යා හැකිය.
2. WhatsApp වීඩියෝ ඇමතුම් හරහා පොලිස් අනුකරණය
ඇතැම් වින්දිතයන්ට සහකාර පොලිස් අධිකාරීවරුන් අනුකරණය කරමින් පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ගෙන් WhatsApp වීඩියෝ ඇමතුම් ලැබී ඇත. මෙම ඇමතුම්කරුවන් කියා සිටින්නේ අපරාධකරුවකු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, අපරාධකරු වින්දිතයාගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර භාවිත කර බැංකු කිහිපයකින් ණයපත් ලබාගෙන මහා පරිමාණ වංචා සිදුකර ඇති බවත්ය.
ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයන් වින්දිතයන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ බැංකු ගිණුම් විස්තර උපුටා දක්වමින් බලපෑම් කර බිය ගන්වයි. පැමිණිලිවලින් පෙනී යන්නේ මෙම තොරතුරු බොහෝ විට කලින් වංචනික පණිවිඩ හරහා ලබාගත් දත්ත වන නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් ඒවාට ප්‍රවේශ වන බව වින්දිතයන් විශ්වාස කරන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවයි. පසුව වින්දිතයන් අත්අඩංගුවට ගැනීමේ තර්ජනයට ලක්වන අතර එමඟින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ කරමින් විශාල මුදල් ප්‍රමාණයක් මාරු කිරීමට හේතු වේ.
ඒ අනුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල හෝ මාර්ගගත පණිවිඩ හරහා ලැබෙන නොදන්නා හෝ සත්‍යාපනය නොකළ සබැඳි හරහා ජාතික හැඳුනුම්පත් අංක, කාඩ්පත් විස්තර, මුරපද හෝ OTP ඇතුළු පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු කිසි විටෙකත් බෙදා නොගන්නා ලෙසයි.
තොරතුරු ඉල්ලා සිටින්නා පොලිස් නිලධාරියකු හෝ බැංකු නිලධාරියකු බව කියා සිටියත්, අනවශ්‍ය ඇමතුම් හෝ වීඩියෝ ඇමතුම් ගැන ප්‍රවේශම් වන ලෙස එම සංසදය ජනතාවට දැනුම්දෙයි.
කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිල සම්බන්ධතා තොරතුරු භාවිත කරමින් ඔබේ බැංකුව හෝ අදාළ බලධාරීන් සමඟ සෘජුවම කරුණු සත්‍යාපනය කරන ලෙස ද එම සංසදය උපදෙස් දෙයි.
සැක සහිත වංචාවක් වහාම අදාළ බැංකුවට වාර්තා කරන ලෙසත් මෙම වංචනික ක්‍රියාකාරකම්වලින් ඔබ සහ අනෙක් අය ආරක්ෂා කර ගැනීම සඳහා සුපරීක්ෂාකාරීව සහ දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart