February 1, 2026

මාර්තු 31 වැනි දිනට පෙර මාර්ග වේග සීමා යාවත්කාලීන කිරීම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසයි.

කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න ප්‍රකාශ කළේ, මේ වන විට වැඩ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

වේගය අඩු කිරීමට හෝ වැඩි කිරීමට අවශ්‍ය මාර්ග නිවැරදිව හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයන ආකාරයෙන් යාවත්කාලීන කිරීම් සිදුකරන බව ඔහු පවසයි.