February 1, 2026

වෙන්නප්පුව ධීවර වරායෙන් පසුගිය 03 වැනි දින මුහුදු ගිය ධීවරයන් පිරිසක් ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය නාවික හමුදා යාත්‍රාවකින් පැමිණි පිරිසක් යාත්‍රාව පරික්ෂා කරමින් එහි සිටි ධීවරයන්ට පොලුවලින් සහ අතින් පයින් පහරදී පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් ධීවරයන් වෙරළාරක්ෂක නිලධාරින්ට දැනුම්දිමෙන් පසු ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් තුවාල ලබා සිටි ධීවරයන් ඊයේ උදැසන දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ තුඩුවාව කුඩාමඩුවැල්ල ,මාරවිල ඉහල මහවැව,යන ප්‍රදේශවල පදිංචි ධීවරයන් සිව්දෙනෙකි.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවය.