January 31, 2026

මුලතිව් සහ ත්‍රිකුණාමලය අතර මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 3.6ක භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අද(31) පැවසීය.

භූ කම්පනය වෙරළ තීරයේ සිදු වූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත් කාර්යාංශය තහවුරු කළේය.