
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ ගංගොඩවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ සිද්ධිය තම සංගමය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය පවසන්නේ, එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ චූදිතයකු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ට, එම කාරණයේ අගතියට පත් පාර්ශවයන් යැයි කියාගන්නා පිරිසක් විසින් පහරදී ඇති බවයි.
මෙය කිසිසේත්ම සිදුවිය නොහැකි අතර, ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතියේ උපරිමයෙන් කටයුතු කළ යුතු බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
මෙම පුද්ගලයින්ගේ නොහික්මුණු හැසිරීම පාලනය කිරීම සඳහා පොලිසිය කඩිනමින් කටයුතු කිරීම තම සංගමය අගය කරන නමුත්, සිදුවීමට වගකිවයුත්තන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බවද නීතිඥ සංගමය පෙන්වාදෙයි.
මෙවැනි සිදුවීම් අධිකරණ ක්‍රියාවලියට බාධාකරන අතර නීතිඥවරුන්ගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීමට සෘජු තර්ජනයක් එල්ල කරන බවත්, එය භයානක පූර්වාදර්ශයක් සපයන අතර රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රමයට සෘජුවම හානිකරන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart