January 18, 2026

පාකිස්තානයේ කරච්චි හි ගුල් ප්ලාසා සාප්පු සංකීර්ණයේ ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

ගින්නෙන් අදාළ සාප්පු සංකීර්ණයේ පිටුපස කොටස කඩා වැටී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

ගින්නත් සමග ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ බව ද සඳහන්.

මාධ්‍ය වාර්තා අනාවරණ කළේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ගිනි නිවන භටයෙකු ද මිය ගිය බවයි.

පොලිසිය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පැවසුවේ අතුරුදන්ව සිටින පුද්ගලයින් 38 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සහ බලධාරීන් ඔවුන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැස් කරමින් සිටින බවයි.