
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2026 FIFA ලෝක කුසලාන සහ 2025 ආසියානු කුසලාන තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව ඔක්තෝබර් 12 සහ 17 යන දිනවල යේමනයට එරෙහිව තරඟවැදීමට නියමිතව ඇත.
තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 20ක් ඇතුළත් කර ඇති අතර, FIFA විසින් තහනම් කර තිබූ ශ්‍රී ලංකාව කොන්දේසි සහිතව යළි ඇතුළත් කර ගැනීමට FIFA සහ ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
අවම වශයෙන් තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීම, FIFA විසින් පනවා ඇති ප්‍රධාන කොන්දේසියක් වන අතර, එම කොන්දේසි සපුරාලීමට බලධාරීන් සමත් වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත.
මේ අතර, දැනට අක්‍රීයව පවතින ශ්‍රී ලංකා පාපන්දු (FSL) පරිපාලනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම පාපන්දු ලීග් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart