
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික සමුළුව අතරතුර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එං ස්ථානයෙන් ඉවත්ව ගිය බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ මූලික අරමුණින් ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ ජනමාධ්‍ය වෙත කරුණු දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා විසින් නිසි බලතල දැනටමත් ක්‍රියාත්මක කළහැකි ප්‍රාදේශීය සභා වැනි ආයතන නොමැතිව උතුර-නැගෙනහිර පළාත්වල බලය පැවරීමට උත්සාහ කරන බවට ඔහු මෙහිදී චෝදනා කළේය.
උතුරු නැගෙනහිර ජනතාව රවටා ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ කරන බවද හෙතෙම එහිදී චෝදනා කළේය.
13 වැනි සංශෝධනයට අදාළව අවශ්‍ය තීරණ ගැනීමේ බලතල විධායකයට පැවරී තිබෙන අතර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනුමත වී ඇති අවස්ථාවේදී ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වන්නේ මන්දැයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart