
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන්ගේ අධ්‍යාපනයේදී පාසල්වල තාක්‍ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව හොඳින් සළකා බලන ලෙස යුනෙස්කෝ සංවිධානය ලොව සියලුම රටවලින් ඉල්ලා සිටී.
ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් ඉගෙනීම මගින් ඇති කර තිබෙන ගැටළු රැසක් පිළිබඳව යුනෙස්කෝව සිය නවතම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
යුනෙස්කෝව පෙන්වාදෙන ආකාරයට, කොවිඩ් -19 වසංගතය අතරතුර, අන්තර්ජාලයෙන් පමණක් උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් ලොව පුරා සිසුන් බිලියන භාගයක් සාමාන්‍ය පන්ති කාමර අධ්‍යාපනයෙන් ඉවත් වී තිබේ.
අධ්‍යාපනය තුළ තාක්‍ෂණය සැලසුම්කර භාවිත කරන ආකාරය සඳහා තමන්ගේම ප්‍රමිතීන් සකස් කරන ලෙස යුනෙස්කෝව රටවලින් ඉල්ලා සිටී.
වසංගතය තුළ අන්තර්ජාලය හරහා ඉගෙනීම වෙත වේගවත් මාරුවීම ලොව පුරා සිසුන් මිලියන 500කට බලපෑම් එල්ල කර ඇති අතර, එය බොහෝදුරට බලපා ඇත්තේ ආන්තික, ග්‍රාමීය ප්‍රජාවන්ට ය.
එමනිසා අවිධිමත් ලෙස ඩිජිටල් උපාංග භාවිත කිරීම පාසල් පද්ධතියෙන් ඉවත්කළ යුතු බව යුනෙස්කෝව වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart