
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදයට තුඩුදී ඇති සිය රෝල්ස් රොයිස් Phantom 8 මෝටර් රථය සම්බන්ධ ගනුදෙනුව සිදුවූ ආකාරය පිළිබඳව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සම්පුර්ණ විස්තරයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇත.
එම සටහන පහතින් දැක්වේ.
‘මේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක වැරදි පුවත් සමාජගතවන එක ඉක්මණටම සිදු වෙනබව අපි හැමෝම දන්න නිසා ).
කතාව මේකයි. මීට මාස කිහිපයකට කළින් මම Rolls-Royce මාදිලියට අයත් Phantom 8 කියන සුඛෝපභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඉතින් ඒකට අවශය බැංකු ණයවර, එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර් රථයත් ලංකාවට ගෙනාවා.
මේ මෝටර් රථය Airfreight කරල ලංකාවට ඇවිත් ටික දිනක් ගතවූණාට පස්සෙයි අපි දැනගත්තෙ cross boardering වලට අදාළ රටේ නීති රෙගුලාසි 2013 වගේ පසු නැවතත් රේගුව විසින් පණගන්වලා කියලා. එතකල් වාහන දහස් ගණනක් ලංකාවට ආනයනය කළේ සාමාන්‍යයෙන් මේ ක්‍රමය හරහා තමයි.( cross bordering කියන්නෙ වාහනයක් නිෂ්පාදිත රටෙන්ම එයට අදාළ LC විවෘත වෙන්න ඕන. මෙහි නිෂ්පාදිත රට වුණේ එක්සත් රාජධානිය ).
ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර් රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න වෙන නිසා මම කළේ අදාල ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමෙදි මම සහ ඒ ආයතනය අතර ඇතිකගත්ත එකඟතාවයකදි නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා.
ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ Rolls Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමාසහිත නිෂ්පාදනයන් ( Limited Edition ) පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනව කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනෙක ලංකාවට ගෙන්වපු Rolls Royce Phantom series 8, EWB කියන මෝටර් රථය ලංකාවට ගෙන්වන්නෙ. මොකද ඒක කළින් ගෙන්වපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ ( Upgrade ) එකක්.
ඉතින් මිත්‍රවරුනි, මෙවර මම වාහනය ආනයනය කරන්න බාරදුන්නෙ දිවයිනේ ප්‍රකට අතරමැදි වාහන ගෙන්වීමේ සමාගමකට. ඉතින් ඒ අය ක්ශේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයො නිසාම මට තිබුණෙ ඒ අයට ගෙවන්න තියන සම්පූර්ණ මුදල ගෙවලා පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක.
ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කළින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සෙ ඒ වාහනයට අදාළ බදු ඇතුලු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනැවිත් මට බාරදුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මෙයට අදාළ ගණුදෙණුව සම්පූර්ණ වුණ නිසාම, මම වාහනය බාරගෙන පහුවෙනිදම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වුණා.
ඉතින් ඔහොම ටික දවසක් යද්දි තමයි මට ආරංචි වෙන්නෙ මගේ වාහනයට අදාළ රේගු ගාස්තු නිසියාකාරව නොගෙවපු නිසා අදාල ආනයනකරුගෙන් කෝටි 07 ක දඩ මුදලක් (penalty එකක්) රේගුව විසින් අයකරගෙන කියලා.
ඔයාල හැමෝම දන්නවනෙ අපි වාහනයක් ආනයනය කරද්දි ඒක යම් කිසි තැරැව්කාර ආයතනයක් හරහා සිදුකළොත් වාහනය අපේ අතට ගන්නකල් සිදු වෙන ක්‍රියාවලියට අපි මැදිහත් වෙන්නෙ නෑ කියලා. ඉතින් මෙතනත් වුණේ ඒ වගේ දෙයක්. මම මගේ ආනයනකරුට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම ගෙවලා මගේ වාහනය ලබාගත්තා මිසෙක, එතතින් එහාට ඔහු කළ දේවල් මට අදාළ කරගත්තෙ නෑ.
ඒත් අවසානෙදි වෙලා තිබුණෙ මගේ වාහන ආනයනකරු විසින් මේ වාහනය ආනයනය කරද්දි මෙහි මාදිලිය ලෙස ‘ Phantom LWB’ ලෙස සඳහන් නොකිරීම නිසා දඩයකට ලක් වීම. මෙම සිදුවිමෙදි මගේ ආනයනකරු අතින් එය අතපසුවීමකින් වුණාද එහෙමත් නැත්නම් අමතර ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් කළාද කියන එක මට අදාළ දෙයක් නොවන්නේ මා විසින් ආනයනය කල වාහනයක් මිලට ගැනීම පමණක් සිදුකළ නිසයි. මෙහිදී වාහනය ආනයනය කරන්න පෙර ඔහුට ඒ සඳහා වූ පොරොන්දු වූ සම්පූර්ණ මුදල ගෙවා වාහනය ලබාගැනීම පමණක් මා සිදුකළා.
මිත්‍රවරුනි, මේ සුඛෝපභෝගී මෝටර් රථය Rolls- Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුවිශේෂ මෝටර් රථයක් වීමත්, මෙය විශේෂ LWB කියන මාදිලියට අයත් එකක් වීමත් සමඟ අපේ අය කළේ මෙහි තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයේ පිහිට පැතීම.
ඉතින් Rolls – Royce Anniversary Model කිව්ව ගමන් ඉහළින්ම එන්නෙ මෙම මෝටර් රථයට සමගාමීව නිර්මාණය කළ ඩොලර් මිලියන 3 ක් වටිනා Phantom-8 centenary රථය. ඉතින් මගේ මෝටර් රථයත් සුවිශේෂී Anniversary Model එකක් නිසාම ගොඩක් අයට වුණේ ඒ වාහන මාදිලි දෙක පැටලීම.
ව්‍යාපාරිකයෙක් වශයෙන් කොච්චර මිල මුදල් තිබුණත්, මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වියදම් කරන්න තරම් මම මෝඩ නැහැ කියල මාව ළඟින් අඳුරන ඔයාල හැමෝම දන්නවා. මොකද ව්‍යාපාරයක් ගොඩනඟන්න තියන අමාරුව වගේම අද කාළෙ ව්‍යාපාරයක් රැකගන්න තියන අමාරුවත් මම හොඳින්ම දන්නවා.
ඉතින් මේ වගේ දේවල් වලට උත්තර දෙන්න මම ලංකාවෙ ඉඳපු නැති නිසාම, ගොඩක් අයට හිතෙන හිතෙන දේවල් සමාජගත කරලා තියනවා දැක්ක නිසයි අටෝරාසියක් වැඩ නවත්වලා තකහනියක් මේ වචන ටික වුණත් ලිව්වෙ. ඉතින් මිත්‍රවරුනි, සරලවම Rolls Royce එකේ Custom Penalty කතාව ඕකයි..!
ප.ලි.
ගොඩාක් දෙනෙක් මේ සිදුවීමත් එක්ක ප්‍රසිද්ධියේ කතාබහට ලක්වුණු මගේ ගෙදර බලු සුතරලුන්ගෙ ෆොටෝස් publish කරන්න කියලා inbox එකෙන් ඉල්ලනවා. ඒ නිසාම ඒ අය වෙනුවෙන් මගේ රෝසිගෙ, බ්‍රවුනිගෙ වගේම බංචිගෙත් ෆොටෝස් ටිකක් මේ සමඟ පළකරනවා.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart