
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මෝටර් රථයකට රුපියල් මිලියන 70ක දඩයක් නියම කිරීමේ සිද්ධිය මාධ්‍යවලට ලබා දීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කර ඇත්තේ, රේගු නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ඉල්ලා ඇති බව ය.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමන් වෙත එම උපදෙස් ලැබීමට නියමිතව ඇති බැවින්, රේගු විමර්ශනවලට අදාළ දඬුවම් පැනවීම් පිළිබඳ තොරතුරු මෙම අවස්ථාවේ ලබා දිය නොහැකි බව එහි දැක්වේ.
මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් වාහනයකට රුපියල් මිලියන 70ක දඩයක් නියම කර තිබේ ද යන්න සම්බන්ධයෙන් පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය අධ්‍යක්ෂකවරයා අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
මෑතකදී රෝල්ස් රොයිස් මෝටර් රථ දෙකක් ආනයනය කර ඇති බව එහි සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, රේගු වාර්තාවලට අනුව ඩඩ්ලි සිරිසේන එම වාහන ආනයනය කර නොමැති බවත්, ආනයනය කරන ලද වාහනයක් ඔහු විසින් මිල දී ගැනීමක් සිදුවිය හැකි බවත් රේගු අධ්යක්ෂවරයාගේ නිවේදනයේ දැක්වේ.
මාධ්‍යවල පළවූයේ කුමක් ද?
මෑතකදී මෙරටට ආනයනය කරන ලද රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ මෝටර් රථයක තොරතුරු සාවද්‍ය අයුරින් ප්‍රකාශයට පත් කර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති බව සොයා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 70ක පමණ දඩ මුදලක් නියම කෙරූ බව රජයේ ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් Economy Next වෙබ් අඩවිය ජනවාරි 21 වන දා වාර්තා කර තිබිණි.
සිද්ධිය පිළිබඳව තොරතුරු දැනුවත් නිලධාරියෙකු Economy Next වෙත පැවසූ බවට ඔවුන් වාර්තා කර තිබුණේ, ප්‍රකාශයට පත්කර ඇති වටිනාකම රෝල්ස් රොයිස් ෆැන්ටම් මෝටර් රථයක් සම්බන්ධයෙන් වුව ද මෙරටට ආනයනය කර තිබූ මෝටර් රථයේ දිග සහ ඉදිරිපස හා පසුපස රෝද අතර දුර පළමුව සඳහන් කර තිබූ වාහන මාදිලියට වඩා විශාල එකක් බව ය.
ඒ අනුව වාහනයේ මාදිලිය පිළිබඳව නිසි තොරතුරු ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ආනයනකරුට දඩයක් ගෙවීමට සිදුවූ බව Economy Next වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
වාහන ආනයනකරු විසින් පළමුව වාහනයේ වටිනාකම 20%ක බදු ඇතුළුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් 417,000ක් බව ප්‍රකාශ කර ඇති බවට නිලධාරියෙකු උපුටා දක්වමින් Economy Next වෙබ් අඩවිය කරුණු තොරතුරු වාර්තා කර ඇත.
කෙසේ වුව ද මෙරටට ආනයනය කර ඇති මෝටර් රථය Rolls Royce Phantom Auto EWB (එක්ස්ටෙන්ඩඩ් වීල් බේස්) මාදිලියේ එකක් බවට රේගු නිලධාරීන් කරුණු තහවුරු කරගෙන ඇති අතර එවැනි වාහනයක වටිනාකම 20%ක බද්ද සමගින් බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් 479,000ක් පමණ වන බව රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් Economy Next වාර්තා කර සිටියි.
ආනයනය කරන ලද වාහන මාදිලිය පිළිබඳව තොරතුරු නිවැරදි නොවීම හේතුවෙන් වාහනයේ ආනයනකරුට රුපියල් මිලියන 70ක දඩයක් ඇතුළුව රුපියල් මිලියන 370ක මුදලක් රේගුව වෙත ගෙවීමට සිදු වූ බව එම නිලධාරීන් උපුටා දක්වමින් Economy Next වෙබ් අඩවිය සිය ප්රවෘත්ති වාර්තාවේ දක්වා තිබේ.
මේ අතර පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් තමන් Rolls Royce රථයක් මිලදී ගත් බවට සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණු අතර එයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි.
රෝල්ස් රොයිස් මෝටර් රථ ගැන තොරතුරු කිහිපයක් හෙන්රි රොයිස් සහ චාර්ල්ස් රෝල්ස් යන දෙදෙනාගේ එක්වීමෙන් 1904 වසරේදී ආරම්භ කෙරුණු බ්‍රිතාන්‍යයේ රෝල්ස් රොයිස් සමාගම මෝටර් කාර් නිෂ්පාදනයට අමතරව ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පුරා ව්‍යාප්තව පවතී.
‘ජාත්‍යන්තර ප්‍රමිතියෙන්’ යුත් අලුත් වාහන අංක තහඩුවේ ඇතුළත් වන සුවිශේෂී ලක්ෂණ මොනවා ද?
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති රෝල්ස් රොයිස් සමාගම විසින් මෝටර් රථ මාදිලි 07ක් නිෂ්පාදනය කරනු ලබන බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇත.
එලෙස නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ මාදිලි වන්නේ රෝල්ස් රොයිස් Phantom, Phantom Extended, Spectre, Ghost, Ghost Extended, Cullinan සහ Black Badge.
රෝල්ස් රොයිස්හි මිල අධික ම මාදිලිය වන ෆැන්ටම්හි ආරම්භක මිල බ්‍රිතාන්‍ය පවුම් 369,020ක් වන අතර රෝල්ස් රොයිස් මෝටර් රථ මාදිලියේ අවම මට්ටම වන්නේ, ගෝස්ට් වන අතර එය බ්‍රිතාන්‍ය පවුම් 255,020කින් ආරම්භ වේ.
(උපුටාගැනීම – BBC සිංහල)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart