January 23, 2026

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍යකරණය ලෙස දුර්මත යවන විපක්‍ෂය එදා යහපාලනය කාලේ 2015 දී මුද්‍රණය කළ 11 වසරේ අයි.සී.ටී. පෙළ පොතේ 77 වැනි පිටුවේ අදාළ අසභ්‍ය වෙබ් අඩවියේ නම සඳහන් කර ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අසභ්‍ය වෙබ් අඩවිය ඇතුළත් පොත නවවතාවක් යළි මුද්‍රණය කර තවමත් ඇතැයිද අද විපක්‍ෂයේ ප්‍රධානීන් ඇමැතිවරුන් ලෙස සිටියදී එය දුටුවේ නැද්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

හෙතෙම එහිදී මෙසේද සඳහන් කළේය.