
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ පරිසර හානිය තක්සේරු කිරීම සඳහා පත්කරන ලද කමිටුව සිය මූලික වාර්තාව නිකුත් කර ඇති අතර එමගින් අනාවරණ වී ඇත්තේ, රටේ මධ්‍යම කඳුකරයට අයත් ස්වාභාවික වනාන්තරවලින් සියයට 34 කට සුළිකුණාටුවෙන් හානි වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, ඔහු එහිදී පැවසුවේ, සාමාජිකයන් නවදෙනෙකුගෙන් යුත් එම කමිටුව සති දෙකක් ඇතුළත සිය මූලික වාර්තාව ඉදිරිපත් කළ බවයි.
මාස හයක් ඇතුළත පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම කමිටුවට බලය පවරා ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
මූලික වාර්තාවට අනුව, මෙම ව්‍යසනය තෙත් කලාපයේ අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ සහ වියළි කලාපයේ මල්වතු ඔය, මහවැලි ගඟ, මී ඔය සහ කලා ඔය ඇතුළු ගංගා ද්‍රෝණිවල පරිසර පද්ධතිවලට හානිකර ඇති බව ඔහු පැවසීය.
මිනිපේ, කොත්මලේ, අරණායක යන ප්‍රදේශ මෙන්ම බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල උස්බිම්වල පිහිටි ස්වභාවික වනාන්තරවලට සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, පේදුරුතුඩුව, වලිකාමම් උතුර, කල්මුනේ, නින්දවූර් සහ කින්නියා යන වෙරළබඩ තීරයට ද සුළිකුණාටුවෙන් හානි සිදුවී ඇති අතර, මුතුපන්තිය සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල කලපු පරිසරවල කඩොලාන පද්ධතිවලට ද හානි සිදුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart