
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන මහමැතිවරණය හමුවේ රට තුළ ගිනි අවි ආශ්‍රිත ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ සැලකිව යුතු වැඩිවීමක් පිළිබඳ ආරක්ෂක විශේෂඥයින් කණස්සල්ල පළ කර තිබේ.
ඔවුන් පවසන්නේ 2024 වසරේදී බංග්ලාදේශයේ උද්ගත වූ මහජන කැළඹීම්වලදී කොල්ලකන ලද ගිනි අවිවලින් සියයට 15 ක් සහ පතොරම්වලින් සියයට 30 ක් පමණ තවමත් ගණනය කළ නොහැකිව තත්වයක පවතින බවයි.
ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් රජයේ බිඳවැටීමට තුඩු දුන් 2024 ජූලි-අගෝස්තු නැගිටීම අතරතුර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එල්ල වූ පුළුල් ප්‍රහාරවලින් පසුව, බංග්ලාදේශය පුරා පොලිස් ස්ථාන, මුරපොලවල්, වාහන සහ රැඳවුම් ස්ථානවලින් ගිනි අවි 5,753 ක් සහ පතොරම් ආසන්න වශයෙන් 651,609 ක් කොල්ලකෑමට ලක් වූ බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
වසරක් පුරා සිදු කරන ලද ප්‍රතිසාධන මෙහෙයුම් තිබියදීත්, 2025 අග සහ 2026 මුල් භාගය වන විට, අවම වශයෙන් ගිනි අවි 1,362 ක් සහ ඇස්තමේන්තුගත පතොරම් 250,000 ක් අතුරුදහන් වී ඇති බව අනාවරණ වී ඇත.
අතුරුදහන් වූ අවි අතරට රයිෆල්, මැෂින් තුවක්කු, ෂොට්ගන්, පිස්තෝල, කඳුළු ගෑස් විදින සහ වෙනත් ආයුධ ඇතුළත් වන අතර ආරක්ෂක විශේෂඥයින්ට අනුව, පෙබරවාරි 12 මැතිවරණයට පෙර දේශපාලනික වශයෙන් සම්බන්ධ වෙඩි තැබීම් වැඩිවීම සහ කොල්ලකන ලද දහස් ගණනක් ගිනි අවි තවමත් ගණන් බලා නොමැති වීම බරපතල කනස්සල්ලට කරුණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart