
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපති පාරින්ද රණසිංහ ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි නිදහස් නීතිඥයෝ නම් සංවිධානයේ සාමාජිකයින් හමුවී, තමාට ඉල්ලා අස්වීමට එල්ල වන පීඩනය පිළිබඳව සාකච්ඡා කළේය.
නිදහස් නීතිඥයෝ සංවිධානය ඔහුට සහාය පළකරමින් නීතිපතිවරයාට ලිපියක් භාරදුන්නේය.
නිදහස් නීතිඥ සංවිධානයේ සාමාජිකයින් අමතමින් නීතිපතිවරයා පැවසුවේ ‘තමා නීතියට ඉහළින් නොසිටින’ බව දන්නා බවයි.
“මම වැරැද්දක් කළොත්, අභියාචනාධිකරණය තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. කරුණාකර එහි ගොස් මට අභියෝග කරන්න. අධිකරණය මට යමක් කරන්න කියනවා නම්, මම එය කිරීමට වඩාත් සතුටු වෙනවා,” ඔහු පැවසීය.
මේ අතර, නීතිපතිවරයාට භාර දුන් ලිපියේ නිදහස් නීතිඥයේ සංවිධානය මෙසේ සඳහන් කර ඇත.
‘සමාජ මාධ්‍ය ඔස්සේ ඔබතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව අප සංවිධානය නිරීක්ෂණය කර ඇත. එවැනි අසත්‍ය හා උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය හා සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දකි.
විදේශගත ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම මෙරට යූටියුබ් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මෙම ක්‍රියාවලට සක්‍රීයව දායක වෙමින් සිටිති.
නීතිපති දෙපාර්තමේන්තුව විනාශ කර දේශපාලනික හෝ පුද්ගලික අරමුණු මත පදනම්ව එය භාවිතා කිරීමට යම් පිරිසක් උත්සාහ කරන බවක් පෙනේ. විමර්ශකයකුගේ කාර්යභාරය හා පැමිණිලිකරුවකුගේ භූමිකාව අතර ඇති වෙනස පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන මෙම ප්‍රචාර මගින් නීතිපතිතුමාගේ ගෞරවයට පමණක් නොව, දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී භාවයට දැඩි තර්ජනයක් එල්ල වේ.
මෙයට පෙරද අවස්ථා කිහිපයකදී මෙම පිරිස විනිසුරුවරුන් හා අධිකරණ සේවයේ කාර්යමණ්ඩලයට එවැනි බලපෑම් එල්ල කර ඇත.
කිසිදු බලපෑමකට යටත් නොවී, නිදහස්ව හා ගෞරවනීය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැමවිටම ක්‍රියා කර ඇති බවත්, එය ජනප්‍රියවාදයට යට නොව සාක්ෂි හා නීතිමය ක්‍රියාවලි අනුගමනය කළ යුතු බවත් අපගේ දැඩි විශ්වාසයයි.
ඔබතුමාගේ කාර්යභාරය නිදහස්ව හා සියලු බලපෑම්වලින් තොරව සිදුකර ගැනීමට අප සංවිධානයේ පූර්ණ සහයෝගය හා සහාය පළ කරන අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී තවදුරටත් අපක්ෂපාතීව කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය පතමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart