
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ දිගුකාලීන වර්ධන ප්‍රමුඛතාවලට සහාය දැක්වීමට යුරෝපා සංගමය සිය කැපවීම නැවත තහවුරු කර තිබේ.
අන්තර්ජාතික හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපීය කොමසාරිස් ජොසෙෆ් සිකේලා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති හමුවකදී මෙම සහතිකය ලබා දී ඇත.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම ද්විපාර්ශ්වික හමුව පැවැත්විණි.
ආර්ථික ප්‍රකෘතිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව-යුරෝපා සංගම් සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී දෙපාර්ශ්වයම සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ වන විට ස්විට්සර්ලන්තයේ රැඳී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart