
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සභාපති මසාටෝ කන්දා අතර සාකච්ඡාවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවත්වී තිබේ.
ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි ලෝක ආර්ථික සංසද කොංග්රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී සාකච්ඡා වී ඇත.
මේ අතර, අග්‍රාමාත්‍යවරිය ඩාවෝස් හි අන්තර්ජාතික හවුල්කාරිත්වය සඳහා වූ යුරෝපීය කොමසාරිස් ජොසෙෆ් සිකෙලා ද ඊයේ හමුවිය.
ආර්ථික ප්‍රකෘතිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව-යුරෝපා සංගම් සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ දෙපාර්ශ්වයම රැස්වීමේදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ලෝක ආර්ථික සංසදයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳුදා (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය.
2026 ලෝක ආර්ථික සංසදය ඩාවෝස් හි දී ‘සංවාදයේ ජීව ගුණය’ යන තේමාව යටතේ රැස්වන අතර, රාජ්‍ය නායකයන්, ප්රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තාක්ෂණ නවෝත්පාදකයන් ඇතුළු ගෝලීය නායකයන් 3,000කට අධික පිරිසක් මේ වෙනුවෙන් එක්රැස් වේ.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය විදෙස් නායකයන්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් සහ අනෙකුත් කීර්තිමත් සම්භාවනීය අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart