
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේදී එහි සේවකයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණයක් අරඹා තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, බෝපේ පදිංචිව සිටි ඉෂාර සංජීව නමැති 42 හැවිරිදි පෙළ පොත් ගබඩා සංකීර්ණයේ වෙළෙඳ සහායකයෙකි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන හෝමාගම පිටිපන පිහිටි පෙළපොත් ගබඩා සංකීර්ණය පිටුපස පිහිටි එහි නේවාසිකාගාරයේ ඉකුත් 18 වැනිදා රාත්‍රී සේවකයන් තිදෙනකු සිට ඇති අතර ඉන් සේවකයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම සේවකයා බිම නිදා සිටියදී අනිත් සේවකයන් දෙදෙනා ඔහුව අවදි කිරීමට යෑමේදී ප්‍රතිචාරයක් දක්වා නොමැත. මේ ගැන සැක සිතූ එම සේවකයන් පසුව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය, ඔහුව පරීක්‍ෂා කර හෝමාගම හදිසි මරණ පරීක්‍ෂකවරයා කැඳවාගෙන පැමිණ ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්‍ෂකවරයා මෘතදේහය හෝමාගම රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කර තිබේ.
ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීම නියමිතව තිබිණි.
මෙම මරණය ඝාතනයක්ද? හෘදයාබාධයක්ද? දිවි නසා ගැනීමක්ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart