
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාන්‍ය ගනුම්කරුවෙක් ධාන්‍ය මිලදීගැනීම සඳහා ගොවීන් වෙත යැවූ කෙටි පණිවිඩයකට එක් ගොවියෙක් විසින් ප්‍රතිචාර ලෙස මාපටැඟිල්ලක් සහිත රූපයක් (thumbs-up emoji) යවා සපැයුම තහවුරු කර, පසුව ගැනුම්කරු වෙත භාණ්ඩ ලබානොදීම නිසා ඩොලර් 82,000ක දඩයක් ගෙවීමට සිදුවීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා වේ.
කැනේඩියානු සස්කැච්වන් ප්‍රාන්තයේ විනිසුරුවරයෙක් ගොවියාට මෙම දඩය නියමකර ඇත.
ගැනුම්කරු විසින් 2021 මාර්තු මාසයේදී ගොවීන් වෙත කෙටි පණිවිඩයක් යවා ඇත්තේ, ඩොලර් 17කට ධාන්‍ය ටොන් 86ක් මිලදී ගැනීමට සමාගම බලාපොරොත්තු වන බවටය.
ඉන්පසුව ගැනුම්කරු විසින් අදාළ ගොවියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, කොන්ත්‍රාත්තුව තහවුරු කර එහි පින්තුරයක් එවන ලෙසය.
ගොවියා ඉමෝජියක කෙටි පණිවිඩයක් යවා ඇති නමුත්, නියමිත කාලයේදී ධාන්‍ය නොලැබුණු බව ගැනුම්කරු පවසා ඇත.
ඉමොජි කෙටි පණිවිඩය ගිවිසුමකට සමාන වන්නේ ඔහු මීට පෙර කෙටි පණිවිඩය හරහා කොන්ත්‍රාත්තු ගණනාවක් එවා ඇති බැවින් බව ගැනුම්කරු සඳහන් කරයි.
ධාන්‍ය කොන්ත්‍රාත්තුව සමාලෝචනය කිරීමට වේලාවක් නොතිබූ අතර, ඔහුගේ කෙටි පණිවුඩය ලැබුණු බව දැක්වීමට අවශ්‍ය වූ නිසා එසේ ඉමොජි පණිවිඩයක් යොමුකළ බව ගොවියා සඳහන් කර තිබේ.
එම ඉමොජිය විසින් ගිවිසුම අවශ්‍යතා සපුරා ඇතැයි හැඟෙන බවත්, ඒ අනුව පෙනී යන්නේ ගොවියා ඔහුගේ කොන්ත්‍රාත්තුව කඩ කළ බවත්, විනිසුරුවරයා සඳහන් කර ඇත.
එම ඉමොජියෙහි නිර්වචනය පිළිබඳව Dictionary.com ඔස්සේ පැහැදිලි කර ඇති විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ, එය ඩිජිටල් සන්නිවේදනයේ දී අනුමැතිය ලබාදීම හෝ දිරිගැන්වීම් ප්‍රකාශ කිරීමට භාවිත කරන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart