
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වා තිබේ.
එමඟින් ඇයගේ රාජ්‍යතාන්ත්‍රික රාජකාරි විධිමත් ලෙස ආරම්භ විය.
එම අවස්ථාව සඳහා ජනාධිපති පුටින් සමඟ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් ද එක්ව තිබේ.
එම අවස්ථාවට එක්ව සිටි රටවල් 32 ක තානාපතිවරුන් අමතමින් ජනාධිපති පුටින් පවසා ඇත්තේ, හවුල්කාර රටවල් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියාවේ සූදානම නැවත තහවුරු කරන බවයි.
එහිදී තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා ජනතාවගේ සුබපැතුම් ජනාධිපති පුටින් සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට ප්‍රකාශ කර ඇත.
දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් පසු රුසියාව විසින් ලබා දුන් සහයෝගය සඳහා ශ්‍රී ලංකාවේ කෘතඥතාව ද ඇය පළකර තිබේ.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය ගොඩනඟමින් ද්විපාර්ශ්වික සබඳතා අලුත් කිරීමට සහ තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ අභිප්‍රාය තානාපතිනිය අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart