
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යුහගත හා දිගුකාලීන ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
කෙරවලපිටිය අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම පරීක්ෂා කිරීමෙන් මේ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, කසල බැහැර කිරීමේ නුසුදුසු ක්‍රම මගින් බරපතල පාරිසරික අභියෝග මතු වී ඇති බවයි.
කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් පසු කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ එකතු වන කසළ තාවකාලිකව බැහැර කිරීම සඳහා මෙම ස්ථානය භාවිත කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කාර්මික කලාපයක පිහිටා ඇති කෙරවලපිටිය භූමියට පළාත් පාලන ආයතන 23 කින් සහ ලියාපදිංචි පෞද්ගලික ආයතන 60 කින් පමණ දිනකට ජෛව හායනයට ලක්විය හැකි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 400 ක් සහ ජෛව හායනයට ලක්නොවන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 200 ක් ලැබෙන බව නිලධාරීහු පවසති.
මේ වන විට මෙම ස්ථානයේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 600,000 කට වඩා එකතු වී තිබෙන බව වාර්තා වේ.
කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ මෙහෙයුම් හරහා දිනකට මෙට්‍රික් ටොන් 30ක් පමණ සකස් කරනු ලබන අතර, ඉතිරි අපද්‍රව්‍ය පාංශු ආරක්ෂණ ක්‍රම භාවිත කරමින් බැහැර කරනු ලැබේ.
මෙම ස්ථානය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අතීතයේ දී පහත් බිම් සහ වගුරු බිම්වලට නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම දැඩි පාරිසරික හා මෙහෙයුම් ගැටළු වලට හේතුවූ බවයි.
කසල බැහැර කිරීමෙන් පමණක් අපද්‍රව්‍ය කළමනාකරණය කළ නොහැකි බවත්, එය ප්‍රායෝගික, ක්රමානුකූල සහ හොඳින් සැලසුම් කළ ක්‍රියාවලියක් හරහා සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ තවදුරටත් පාරිසරික හානිය වැළැක්වීම සඳහා තිරසාර විසඳුම් ගෙන ආ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart