
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරියකගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක් යොමු විය.
චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය පළමුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳ විමසූ අතර, අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ 2026 ජනවාරි 4 වැනිදා වන විට කාන්තාවන් 107 දෙනෙකු සහ පිරිමින් 2,139 දෙනෙකු ඇතුළුව රැඳවියන් 2,246 දෙනෙකු එහි රඳවා සිටි බවත්, එහි අනුමත ධාරිතාව 699ක් බවත්ය.
රට පුරා සිටින රැඳවියන් 37,761 දෙනෙකුගෙන් 27,000ක්ම මෙතෙක් වරදකරුවන් වී නොමැති රිමාන්ඩ් සිරකරුවන් බව කිරිඇල්ල මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දී තිබේ.
පළමු වරට වැරදිකරුවන්වක්න පිරිසට හෝ යහපත් හැසිරීමක් ඇති අයට පොදු සමාව වැනි යාන්ත්‍රණ ශ්‍රී ලංකාව සළකා බැලිය යුතු යැයි කිරිඇල්ල මන්ත්‍රීවරිය යෝජනා කළ අතර, ඇප ගෙවීමට නොහැකි අයට දකුණු අප්‍රිකාවේ ඇප අරමුදල වැනි අරමුදලක් විකල්පයක් විය හැකි බව ගැන සඳහන් කළාය.
ඇයගේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නානායක්කාර දුම්බර ඇතුළු බන්ධනාගාර පද්ධතිය පුරා දැඩි තදබදයක් ඇති බව පිළිගත්තේය.
“දැනටමත්, ප්‍රජා නිවැරදි කිරීමේ ක්‍රමය හරහා, පසුගිය වසර තුළ පමණක්, පුද්ගලයන් 17,000ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත නොකර අධීක්ෂණය යටතේ තබා තිබෙනවා, එමඟින් තදබදය අඩු වෙනවා. අපි මේ වසරේත් මෙය දිගටම කරගෙන යනවා. වර්තමානයේ, දඩ මුදල් ගෙවීමටනොහැකි අයට ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් වනවා, අවශ්‍ය පහසුකම් අපි සපයනවා. තදබදයට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අයයි. දඩ මුදල් ගෙවීමෙන් පමණක් තදබදය අඩු වෙන්නේ නැහැ. මේ සඳහා වෝහාරික වාර්තා කඩිනම් කළ යුතුයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පුද්ගලයන් 50 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබාදුන්නා, තවත් 32 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් තිබෙනවා. මාස තුනක් ඇතුළත වෝහාරික වාර්තා නිකුත් කිරීම සඳහා ක්‍රමයක් ස්ථාපිත කරන්න මම බලාපොරොත්තු වෙනවා. අධිකරණ වෛද්‍ය වාර්තා කඩිනම් නොකර ඇප ලබාදීම කඩිනම් කළ නොහැකියි. බන්ධනාගාර තදබදය අඩු කිරීමට පියවර ගනිමින් පවතිනවා,” යනුවෙන් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
පුනරුත්ථාපනය පිළිබඳ කණස්සල්ල මතු කළ කිරිඇල්ල මන්ත්‍රීවරිය, 2025 අයවැයෙන් පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කළද, මූල්‍ය ප්‍රගතිය 1%ක් පමණ බව පෙන්වා දුන්නාය.
2026 සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇති අතර, එය එක් සිරකරුවෙකුට දළ වශයෙන් රුපියල් 300ක් වන බවත් එය ප්‍රමාණවත් නොවන බවත් ඇය තර්ක කළාය.
ඇමති නානායක්කාර ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පුනරුත්ථාපනය සඳහා අරමුදල් හිඟයක් නොමැති අතර අරමුදල් ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart