
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වාදුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නිසි ක්‍රමවේදය අනුගමනය නොකර අවසන් මොහොතේ සංශෝධනයක් සිදුකර ඇති බව අනාවරණ වී තිබේ.
අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත් කරන ලද විමර්ශන කමිටුව විසින් මෙය අනාවරණ කළ බවයි.
නුසුදුසු වෙබ් අඩවිය 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට ඇතුළත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් මූලික විමර්ශන කමිටුවක් පත්කර තිබිණි.
කමිටු වාර්තාවට අනුව, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව, මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊයේ (19) අනිවාර්ය නිවාඩු යවා තිබිණි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට ඊයේ (19) එක්වෙමින් අමාත්‍ය රත්නායක, “මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් කමිටුවක් පත් කළා. ඒ අනුව, පුද්ගලයන් අට දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වෙලා, එම ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මක වෙනවා. පෙළපොතක් මුද්‍රණය කරද්දී ඒවා පරීක්ෂා කිරීමේ වට 12කට භාජනය වනවා, පසුව සෝදුපත් කියවීමේ වට තුනක් සිදුවනවා. පසුව එය ජාතික අධ්‍යාපන ආයතනය විසින් සමාලෝචනය කරනවා, මුද්‍රණය කිරීමට පෙර අවසාන පිටපත ද පරීක්ෂා කරනවා’ යනුවෙන් සඳහන් කළේය.
එවැනි ක්‍රියාවලියක් තිබියදීත් දෝෂය නොපෙනුනේ කෙසේද සහ ඒ පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකිද යන්න පිළිබඳ අමාත්‍ය රත්නායකගෙන් මෙහිදී ප්‍රශ්න කෙරිණි.
“කුමන්ත්‍රණයක් තිබුණාද යන්න ප්‍රශ්න කිරීම තර්කානුකූලයි. කොහොමවුණත්, සම්පූර්ණ ක්‍රියාවලිය අනුගමනය නොකර අවසාන මොහොතේ සංශෝධනයක් සිදුකර ඇති බව විමර්ශනයෙන් හෙළි වී තිබෙනවා. මුල් මොඩියුලය සකස් කිරීමේදී සම්පූර්ණ ක්‍රමවේදය අනුගමනය කළත් අවසාන මොහොතේ සංශෝධනය එයට අනුකූලව කරලා නැහැ’ යනුවෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart