
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 283,300,000 ක මුදලක් සහ වාහන දෙකක් සමඟ සැකකරුවකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (19) සිදුකළ විශේෂ වැටලීමකදී එම පුද්ගලයාව ඉබ්බාගමුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු විදේශයක සැඟවී සිටින බවට විශ්වාස කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහුගේ උපදෙස් මත මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කර ඇති බවයි.
පොලිස් භාරයට ගත් වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් භාවිත කර මිලදී ගෙන ඇති බව ද අනාවරණ වී තිබේ.
සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතය.
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart