
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොරියානු වීසා ගැටළුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගෙන තිබේ.
පෙත්සම ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ සීමිත විරෝධතා වගඋත්තරකරුවන් වෙනුවෙන් ගොනුකර ඇති බවයි.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කියාසිටියේ, මෙම අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට CIDය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි.
එබැවින් පෙත්සම ඉදිරියට ගෙනයෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි බවත්ය.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart