January 19, 2026

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පානදුර නගර සභා කාර්යාලයේදී හිටපු අමාත්‍යවරයෙකු සහ පානදුර හිටපු එජාප නගරාධිපතිවරයකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද එක්ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය නන්දන ගුණතිලක රෝගීව සිටි අවස්ථාවේදී ඔහුට උපකාර නොකළ බවට නන්දනගේ සමීපතමයෝ දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් සිටිති.