
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2026 ජනවාරි 01 වන දින කඩුවෙල ප්‍රදේශයේ නවගමුව, කොරතොට, මැණිකාගාර පාරේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව, සැකකරු ඊයේ (18) කැළණිය, කොහොල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තුවක්කුකරුවන් එම ස්ථානයට පැමිණීම සඳහා භාවිත කළ වෑන් රථයේ රියදුරු ලෙස සැකකරු කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබීම කුලී නිවසක සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර ගත් අතර, එහිදී එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart