
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල කල්ලි නායකයන් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන හිටපු යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට ගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 මැගසින් 18ක් සහ ඊට යොදන ජීව උණ්ඩ 25ක් ද සොයාගෙන ඇත.
මෙම සැකකරු පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම හිටපු අමාත්‍යවරුන් දෙදෙනකුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස ද කටයුතු කර ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ට ලැබුණු ඔත්තුවකට අනුව මීගමුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
එහිදී සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු සිය මස්සිනාට අයත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ මෙම මැගසින් සහ ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකිව තිබේ.
පොලිසිය පවසන්නේ මෙම ආයුධ සමග ටී 56 අවියක් සහ තවත් ජීව උණ්ඩ තොගයක් තිබූ බවත් ඒවා වෙනස් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු ලැබෙමින් තිබෙන බවයි.
මෙම සැකකරු 1996 වර්ෂයේදී යුද හමුදාවට එක්වී ඇති අතර පසුව යුද හමුදා විශේෂ බළකායේ ද සේවය කර ඇත. 2021 වර්ෂයේදී නිත්‍යානුකූලව හමුදාවෙන් මොහු ඉවත්වී ඇති බව ද අනාවරණය වී ඇත.
පොදුජන පෙරමුණේ ප්‍රබල ඇමැතිවරයාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කරද්දී මොහු අනුරාධපුරයේ නිධන් හෑරීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව ද හෙළිවී තිබේ.
මෙම සැකකරු ගණේමුල්ලේ සංජීව සහ කරන්දෙණියේ සුද්දා සමග සබඳතා පවත්වන බවට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
ගණේමුල්ලේ සංජීව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු රැගෙන ඒමට කටුනායක ගුවන්තොටුපළට ගොස් ඇත්තේ ද මෙම සැකකරු බව අනාවරණය වී ඇත.
එහෙත් සංජීව කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්වූ අතර ඒ බව සැලවීමෙන් පසු සැකකරු පිටව ගොස් තිබේ. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිය මිතුරකු මෙම ආයුධ තමන්ට භාරදුන් බවයි. එම මිතුරා මීට සති කිහිපයකට උඩදී මියගිය බව ද සැකකරු පවසා ඇත.
එහෙත් පොලිසිය පවසන්නේ සැකකරුගේ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාශ අධ්යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart