January 17, 2026

මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේදී ටී-56 මැගසින් 18 ක් සහ පතොරම් 25ක් ළඟ තබාගෙන සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.